Saturday, November 13, 2010

සඳක් බැස ගියා

Sandak Besa Giya – Clarance Wijewardana
[Show chords...]

සඳක් බැස ගියා අවරගිරේ - ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි - මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ - පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා - මතකයි මගේ බාලේ

විවේකයක් ලද විටදි අපි - දුවපැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ - නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩට අපි - පෙරමුණ ගෙන යනවා
තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා

ඉමක් කොනක් නැති අහස වගේ - කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණාසේ - මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට - අද මට දැනෙනු වගේ
තවත් වරක්, තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ

No comments:

Post a Comment